වෙල් අල කොළ
දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
වෙල් කොළ
උද්භිද විද්‍යාත්මක නාමය :
Alocasia sp.
උද්භිද කුලය :
Araceae

ඖෂධීය හා පෝෂණීය ගුණ
ප්‍රෝටින් හා ඛනිජ ලවණ සහිතය.

ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. වෙල් අල කොළ ව්‍යාංජනය
-
අවශ්‍ය ද්‍රව්‍ය - මදක් වේලුණු වෙල් අල කොළ මිටියක් , රම්පේ , කරපිංචා , කොච්චි කරල් 5-6 ක් , කහ ස්වල්පයක් , මිරිස් කුඩු තේ හැඳි 02 ක් , තුනපහ කුඩු තේ හැඳි 01 ක් , රතුළූණු ගෙඩි 5-6 ක් , ගොරකා කැබලි 02 ක් , ලුණු තේ හැඳි 02 ක් , ජලය අඬු කෝප්පයක් , පොල් කිරි මිටක්
- සාදන ක්‍රමය -
- පළමුව වෙල් අල කොළ අඟල් 1/2 ප්‍රමාණයට කපා ගන්න. මැටි භාජනයකට කොච්චි, කහ, මිරිස් කුඩු, තුනපහ, රම්පේ, කරපිංචා, ලුණු, ගොරකා, ලියාගත් ළූණු හා ජලය එකතු කර මිරිසට හොද්ද ලිප තබන්න. ඉස්ම පැසී ගෙන එන විට කැපූ වෙල් අල කොළ එයට එකතු කරන්න. කොළ තැම්බුණු පසු පොල් කිරි එකතු කරන්න. මඳ ගින්නේ විනාඩි 10-15 ක් තබන්න.

වෙල් අල කොළ වල අධික ප්‍රෝටීන් පවති. ප්‍රෝටීන් බහුල නිසා උෂ්ණ ආහාරයක් ලෙස ද සලකයි. වෙල් අල කොළවල හරක් මස්වල පවතින ප්‍රෝටීන් ප්‍රමාණයම පවතින නිසා හරක් මස් ආහාරයට නොගන්නා අයෙකුට වෙල් අල කොළ ආහාරයට ගැනීමෙන් එම පෝෂණයම ලැබේ.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")