හබරල
දේශීය ව්‍යවහාරික වෙනත් නම් :
සබරල , හස්ති , කර්ණ , බහුරු
උද්භිද විද්‍යාත්මක නාමය :
Colocasia esculenta
උද්භිද කුලය :
Araceae
සුදු හබරල

කළු හබරල

ඖෂධීය හා පෝෂණීය ගුණ
- සුදු හබරල -
මාපිල් විෂ නැති කිරීම. කුඩා දරුවන්ගේ යටි බඩෙහි හා සට්ටම් වල ඇතිවන ගෙඩි සුව කිරීම. මුහුණේ ඇතිවන කුරුළෑ සුව කිරීම. බල්ලන් සපා කෑ තුවාල සුව කිරීම. උඳුගොව්වා කෑම සුව කිරීම. සෙම් ගෙඩි සුව කිරීම. පොළොන් විෂට ප්‍රතිකාරයකි. හොරි, දද, කුෂ්ට රෝග සුව කිරීම. හබරල් විෂ නසයි. සමේ යටට ඇනුණු කටුවක් මතු කර ගැනීම හා හන්දිපත් කැක්කුම සුව කිරීම
- කළු හබරල -
කුරුළෑ සුව කරයි. බඩේ දැවිල්ල අත්පා දැවිල්ල හා රක්ත ඌෂ්ණය සුව කරයි. විසර ගෙඩි වල සැරව අදියි. සියළු සර්ප විෂ ඉවත් කරවයි. සෙම් ගෙඩි සුව කරවයි.

ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
සුදු හබරල
1. සුදු හබරල මැල්ලුම
ඉන්පසු එම සියලුම කැබලි කොටස් බෙහෙත් වංගෙඩියේ දමා කොටා ගන්න. මෙම මිශ්‍රණයට අමු කහ කැබැල්ලක් සහ ලුණු ස්වල්පයක් ද එකතු කර නැවත හොඳින් කොටා ගන්න. පසුව මෙම මිශ්‍රණය මඳ ගින්නේ මිනිත්තු 05-10 ක් මලවා ගන්න. මෙම මිශ්‍රණය මාපිලා දෂ්ට කළ මුඛයේ තුන් වරුවක් බැඳීමෙන් එම විස නසයි.
2. සුදු හබරල හා මී පැණි ආලේපය
3. සුදු හබරල හා හුණු ආලේපය
බල්ලෙකු සපා කෑ විට තුවාලය වැසෙන තුරු මෙම මිශ්‍රණය ආලේප කරන්න. ඉන්පසු එයට කිහිප වරක් හුස්ම පිඹින්න. මේ ආකාරයෙන් දිනකට දෙවාරයක් (උදේ/සවස) දින 2-3 ක් ආලේප කරන විට තුවාලය වියළී යයි. (ජලභීතිකා රෝගය පිළිබඳ පවතින බිය හේතුවෙන් බොහෝ දේශීය වෛද්‍යවරු අද මෙම ක්‍රමය අනුගමනය නොකරන නිසා රෝගියා බටහිර වෛද්‍ය ක්‍රමය වෙත යොමු කිරීමට වග බලා ගනියි.)
4. හබරල පිති යුෂ
5. සුදු හබරල මිශ්‍රිත ආලේපය
1. සුදු හබරල මැල්ලුම
- සාදන ක්‍රමය - මාපිල් විෂයට විදි පවසන්නේ
එම ගස එම කොළ එම පිති ගන්නේ
එම අල එම මුල් සහ ලුණු ලන්නේ
එම විෂයට එම බේත බොලන්නේ
ඉන්පසු එම සියලුම කැබලි කොටස් බෙහෙත් වංගෙඩියේ දමා කොටා ගන්න. මෙම මිශ්‍රණයට අමු කහ කැබැල්ලක් සහ ලුණු ස්වල්පයක් ද එකතු කර නැවත හොඳින් කොටා ගන්න. පසුව මෙම මිශ්‍රණය මඳ ගින්නේ මිනිත්තු 05-10 ක් මලවා ගන්න. මෙම මිශ්‍රණය මාපිලා දෂ්ට කළ මුඛයේ තුන් වරුවක් බැඳීමෙන් එම විස නසයි.
2. සුදු හබරල හා මී පැණි ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - සුදු හබරල අලය , මී පැණි
- සාදන ක්‍රමය - හබරල අලයෙන් අවශ්‍ය ප්‍රමාණයට කැබැල්ලක් ගෙන සෝදා, එය උණු අළුපල්ලේ මිනිත්තු 05 ක් පමණ තැම්බීමට හරින්න. පසුව එම අල කැබැල්ල මී පැණියෙන් සිනිඳු වන සේ අඹරා ගන්න. සාදා ගත් ඔසුව දිනකට දෙවරක් උදේ සවස ආලේප කිරීමෙන් ගෙඩි හා කුරුළෑ සුව වේ.
3. සුදු හබරල හා හුණු ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - සුදු හබරල අල කැබැල්ලක් , ආහාරයට ගන්නා හුණු අවශ්‍ය පමණින්
- සාදන ක්‍රමය - අල කැබැල්ල සෝදා පොතු හැර ගන්න. හුණු සමඟ මෙම අල කැබැල්ල සිනිඳු වන සේ අඹරා ගන්න.
බල්ලෙකු සපා කෑ විට තුවාලය වැසෙන තුරු මෙම මිශ්‍රණය ආලේප කරන්න. ඉන්පසු එයට කිහිප වරක් හුස්ම පිඹින්න. මේ ආකාරයෙන් දිනකට දෙවාරයක් (උදේ/සවස) දින 2-3 ක් ආලේප කරන විට තුවාලය වියළී යයි. (ජලභීතිකා රෝගය පිළිබඳ පවතින බිය හේතුවෙන් බොහෝ දේශීය වෛද්‍යවරු අද මෙම ක්‍රමය අනුගමනය නොකරන නිසා රෝගියා බටහිර වෛද්‍ය ක්‍රමය වෙත යොමු කිරීමට වග බලා ගනියි.)
4. හබරල පිති යුෂ
- සාදන ක්‍රමය - උඳුගොව්වා කන්නේ නම් රතුළූණු ගෙඩි 05-06 ක් ගෙන පෙති වලට කපා ඒවායින් එම ස්ථානය තදින් අතුල්ලා සෝදා පිරිසිදු කරන්න. පසුව කුකුළු මළ ස්වල්පයක් දෙහි ගෙඩියක යුෂෙන් අඹරා උඳුගොව්වා කන ස්ථානයේ ආලේප කරන්න. මිනිත්තු 30 කින් පමණ පසු නැවතත් මෙම ප්‍රතිකාරය කරන්න. මෙසේ කිහිප වතාවක් මෙම ප්‍රතිකාරය කරනු ලබන විට උඳුගොව්වා කන පණුවාගේ මිය යාම සිදුවේ.
5. සුදු හබරල මිශ්‍රිත ආලේපය
- සාදන ක්‍රමය - මුරුංගා දලු, දෙහි දලු සහ ඇටත් සමඟදෙහි සම සමව ගන්න. කරාබු නැටි 04-05 ක් ද එයට එකතු කරන්න. හබරල කැබැල්ලක්ද ගෙන සුද්ධ කර ගන්න. මෙම සියලු ද්‍රව්‍ය දෙහි ගෙඩිවල යුෂෙන් සිනිඳු වනසේ අඹරා ගන්න.
මෙම මිශ්‍රණයෙන් ස්වල්පයක් සෙම් ගෙඩි පවතින විට උගුරේ ඇතුළු පැත්තේ ඇඟිල්ලකින් තවරන්න. මෙසේ සුව වන තුරු වරින් වර ආලේප කරන්න.
6. සුදු හබරල මිශ්‍රිත ආලේපය
- සාදන ක්‍රමය - හබරල අල, අළු කොසෙල් අල, නියඟලා අල සහ කිතුල් කොළ යන මේවා සුද්ධ කර සම ප්‍රමාණ වලින් ගන්න. එම සියලුම ද්‍රව්‍ය එකතු කර වංගෙඩියේ දමා කොටා ගන්න.
පොළඟෙකු දෂ්ට කල විට මෙම මිශ්‍රණය කර මූත්‍ර දියෙන් හිස ගල්වන්න. මෙම පුතිකරය වරු 03 ක් වත් සිදු කරන්න. (නර මූත්‍ර සඳහා ගනු ලබන්නේ වයස අවුරුදු 12 ට අඩු දරුවන්ගේ මූත්රාය.)
7. හබරල අල මිශ්‍රිත තෛලය
- සාදන ක්‍රමය - පළමුව භාජනයකට තල තෙල් ස්වල්පයක් දමා උතුරවන්න. එයට සිහින්ව කපා ගත් හබරල අල පෙති 8-10 ක් දමා මිනිත්තු 2-3 ක් ගත වූ පසු හබරල පෙති කිහිපය ඉවතට ගන්න.
ඉතිරි වූ තෙල් හොරි, දද, කුෂ්ට ඇති නම් එම ස්ථානවල ආලේප කරන්න. මෙසේ හොරි, දද, කුෂ්ට සුවවෙන තුරු මෙම ආලේපය නෑමෙන් පසු වරින් වර නොකඩවා ආලේප කරන්න.
8. හබරල පිති යුෂ
- සාදන ක්‍රමය - හබරල පිත්තක් ගෙන එය තුළට කෝමාරිකා පිල්ලක් දමා මිනිත්තු 5-10 ක් උණු අළුවෙන් තම්බන්න. හබරලා නම් සර්පයා දෂ්ට කළ විට මෙහි මිරිකා ගත් යුෂ රෝගියාට පොවන්න. මෙසේ වාර 02 ක් වත් සිදු කරන්න.
9. සුදු හබරල අල මිශ්‍රිත ආලේපය
- සාදන ක්‍රමය - කරිංගල, කොහිල සහ හබරල අල සුද්ධ කර කස ප්‍රමාණයෙන් ගන්න. ඒවා කැබලි වලට කපා නර මූත්‍ර දියෙන් සිනිඳු වන සේ අඹරන්න. මෙම මිශ්‍රණය තුන් වරුවක්වත් හිස ගැල්වීමෙන් පොළොන් විෂ නසයි.
10. කුණු වූ හබරල පෙති බැඳීම
- සාදන ක්‍රමය - කටුවක් සමේ යටට ඇනුණු පසු රාත්‍රි කාලයේදී කුණු වූ හබරල පිත්තක් ගෙන එම කටුව ඇනුණු ස්ථානය පාදා බැඳ තබන්න. උදෑසන බලක විට එම කටුව උඩට මතුවී ඇති බව පෙනෙනු ඇත.
11. සුදු හබරල අල මිශ්‍රිත ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - කුඹුරු ඇට මද කළන් 02 , හබරල අල 100 g , මී පැණි අවශ්‍ය ප්‍රමාණයට
- සාදන ක්‍රමය - හබරල අලය සුද්ධ කර සිහින්ව පෙති කපාගෙන කුඹුරු ඇට මදය සමඟ හොඳින් සිනිඳු වන සේ අඹරා ගන්න. එම මිශ්‍රණය මී පැණි සමඟ අවශ්‍ය පමණින් කළවම් කරන්න. හන්දිපත් කැක්කුම ඇති නම් එම ස්ථානයේ උදේ, සවස මෙය හොඳින් ආලේප කරන්න. රෝගය සුව වෙන තෙක් නෑමෙන් වළකින්න.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")

ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
කළු හබරල
1. කළු හබරල ආලේපය
2. කළු හබරල මිශ්‍රිත කසාය
අඬු කෝප්පය බැඟින් උදේ/ සවස දින 04 ක් පමණ පානයට ගැනීමෙන් උදර ප්‍රදේශයේ දැවිල්ල, අත් පා දැවිල්ල හා රක්ත ඌෂ්ණය සුව කරයි. වයස අවරුදු 15 න් ඉහළ අයට මෙම කසාය ලබා දීම සුදුසුය.
3. කළු හබරල හා අනෙකුත් අල මිශ්‍රිත ආලේපය
මෙම ආලේපය උදේ/ සවස විසර ගෙඩි මත ආලේප කිරීමෙන් විසර ගෙඩිය පුපුරා සැරව ඉවත්ව යයි. වයස් සීමාවකින් තොරව භාවිත කළ හැක. සර්ප විෂ ඉවත් වේ. ස්නානය අගුණය. වයස් භේදයකින් තොරව කළ හැකි ප්‍රතිකර්මයකි.
4. කළු හබරල හා කැකිරි හොඬල ආලේපය
5. කළු හබරල හා ඇඹුල් දොඩම් යුෂ ආලේපය
6. කළු හබරල දිය හබරලාදී ලේපය
1. කළු හබරල ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - කළු හබරල අල කැබැල්ලක් , දෙහි ගෙඩි 1 ක යුෂ
- සාදන ක්‍රමය - කළු හබරල අලය සෝදගෙන එය දෙහි යුෂෙන් සිනිඳු වන සේ අඹරා ගන්න. මෙම ආලේපය දිනකට 1 වරක් නෑමට මිනිත්තු 30 කට පෙර, අඛණ්ඩව සුව වෙන තුරු කුරුළෑ මත ආලේප කිරීමෙන් ඉක්මන් ප්‍රතිඵල ලබා ගත හැක.
2. කළු හබරල මිශ්‍රිත කසාය
- අවශ්‍ය ද්‍රව්‍ය - කළු හබරල අල , කොහිල අල , කිඩාරන් අල , රතුළූණු , ඉරිවේරිය , ගොටුකොළ , සීනි තේ හැඳි 01 , මී පැණි තේ හැඳි 01 (මේවා සම සමව ගන්න)
- සාදන ක්‍රමය - මැටි භාජනයකට ජලය අඬු කෝප්ප 08 ක් දමන්න. එයට සෝදා ගත් අල වර්ග කැබලි කපා දමන්න. රතුළූණු, ඉරිවේරිය, ගොටුකොළ ද එයට එකතු කර මිශ්‍රණය අඬු කෝප්පයකට සිඳවා ගන්න. සීනි හා මී පැණි ද මිශ්‍රණයට එකතු කරන්න.
අඬු කෝප්පය බැඟින් උදේ/ සවස දින 04 ක් පමණ පානයට ගැනීමෙන් උදර ප්‍රදේශයේ දැවිල්ල, අත් පා දැවිල්ල හා රක්ත ඌෂ්ණය සුව කරයි. වයස අවරුදු 15 න් ඉහළ අයට මෙම කසාය ලබා දීම සුදුසුය.
3. කළු හබරල හා අනෙකුත් අල මිශ්‍රිත ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - කළු හබරල අල , වල් ළූණු අල , බේදුරු අල , ඇඹුල් දොඩම් ගෙඩි 01 ක යුෂ , තොලබෝ අල (මෙම ද්‍රව්‍ය සම සමව ගන්න)
- සාදන ක්‍රමය - ඉහත සඳහන් අල වර්ග පොතු හැර සෝදා සම සමව ගන්න. මෙම අල වර්ග සිංහල හාල්පාන වතුරින් මිනිත්තු 20 ක් පමණ තම්බා ගන්න. පසුව එම තම්බා ගත් අල ඇඹුල් දොඩම් යුෂ වලින් සිනිඳු වන සේ අඹරා ගන්න.
මෙම ආලේපය උදේ/ සවස විසර ගෙඩි මත ආලේප කිරීමෙන් විසර ගෙඩිය පුපුරා සැරව ඉවත්ව යයි. වයස් සීමාවකින් තොරව භාවිත කළ හැක. සර්ප විෂ ඉවත් වේ. ස්නානය අගුණය. වයස් භේදයකින් තොරව කළ හැකි ප්‍රතිකර්මයකි.
4. කළු හබරල හා කැකිරි හොඬල ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - කළු හබරල අල , කැකිරි හොඬල , කහ සහ ලුණු
- සාදන ක්‍රමය - ඉහත කී බෙහෙත් ඖෂධයන් සියල්ල සම සමව ගෙන බෙහෙත් වංගෙඩියේ දමා කොටන්න. මෙම මිශ්‍රණය නාගයෙකු දෂ්ට කළ විට එම ස්ථානයේ ආලේප කරන්න. දින 02-03 ක් ආලේප කිරීමෙන් නාග විෂ ඉවත් වේ. වයස් භේදයකින් තොරව ආලේප කළ හැක.
5. කළු හබරල හා ඇඹුල් දොඩම් යුෂ ආලේපය
- අවශ්‍ය ද්‍රව්‍ය - කළු හබරල අල කලන් 05 , ඇඹුල් දොඩම් ගෙඩි 01 ක යුෂ , ලුණු තේ හැඳි 01
- සාදන ක්‍රමය - කළු හබරල අලය සෝදා මිනිත්තු 05 ක් උණු අළු පල්ලේ ගසා තම්බා ගන්න. දොඩම් යුෂෙන් හා ලුණු දියරෙන් තම්බා ගත් කළු හබරල අලය සිනිඳු වන සේ අඹරා ගන්න.
6. කළු හබරල දිය හබරලාදී ලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අල, දිය හබරල අල, හීන් උඳු පියළිය, පනම් පෙති, අහු ගැට හා දෙහි ගැට සම සමව ස්වල්ප වශයෙන් ගන්න. එම සියලුම ද්‍රව්‍යය හාල් පාන වතුරෙන් මිනිත්තු 20 ක් කමණ තම්බා එම වතුරෙන්ම අඹරා ගන්න.
7. කළු හබරල නස්නය
- සාදන ක්‍රමය - කළු හබරල කොළයක් ගෙන කුඩා කැබලිවලට කපා ගන්න. එම කොළ කැබලි දෙහි ගෙඩියක යුෂෙන් හෝ මිනිස් මූත්‍රාවලින් හෝ අඹරන්න.
8. කළු හබරල ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අල කැබැල්ලක් ගෙන සුද්ධ කර ගන්න. සුදු ළූණු බික් 04 ක්, ගම්මිරිස් ඇට 10 ක් හා මුරුංගා පොත්තක් රැගෙන කළු හබරල කැබැල්ල සමඟ දෙහි යුෂෙන් අඹරන්න.
9. කළු හබරල හා හක් බෙලි අළු ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අලයක් ගෙන සුද්ධ කර ලිපට දමා මිනිත්තු 10 ක් පමණ උණු අළු පල්ලේ ගසා තබන්න. එසේ ම හක් බෙල්ලෙක් ද ගෙන ලිපට දමා මිනිත්තු 15 ක් පමණ පුළුස්සා එහි අළු ද ලබා ගන්න. පුළුස්සා ගත් කළු හබරල අලය සහ හක්බෙල්ලාගේ අළු දෙහි ගෙඩියක් යුෂෙන් ගලගා ගන්න.
10. කළු හබරල වියන් දුඹුළු ආලේපය
- සාදන ක්‍රමය - හුඹස් ආස්මී, කළු හබරල අල සහ වියන් දුඹුළු සම සමව ගන්න. එම ද්‍රව්‍යයන් නර මූත්‍රයෙන් අධරා එයින්ම කකාරන්න. පොළොන් විෂ නිසා ඇතිවන ඉදිමුමට මෙය ප්‍රතිකාරයක් වන අතර ඉදිමුම බස්නා තෙක් වරින් වර ආලේප කරන්න.
11. කළු හබරල අමු කහ ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අලයක් මිනිත්තු 10 ක් පමණ උණු අළු පල්ලේ ගසා තම්බා ගන්න. වල්ළූණු අල, හෙන්දිරික්කා අල, අමු කහ හා තැම්බූ කළු හබරල අල සම ප්‍රමාණයෙන් ගන්න. මේ සියල්ල හාල් පාන වතුරෙන් හෝ පොල් කිරෙන් අඹරා ගන්න.
12. කළු හබරල අල යුෂ ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අලයක් ගෙන සුද්ධ කරන්න. අවශ්‍ය පමණින් ලුණු දියරින් එම අලය ගලගා ගන්න.
13. කළු හබරල කොළ යුෂ ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල කොළයක් කැබලිවලට කපා ගන්න. කැපූ කොළ කැබලි අවශ්‍ය පමණ ලුණු දියර ගෙන එයින් සිනිඳු වන සේ අඹරා ගන්න. තැල්මක් මඟින සිදුවන ඉදිමුම සුව කිරීමට මෙම ඖෂධය ඉදිමුණු ස්ථානයේ ආලේප කරන්න. දෙතුන් වරක් ආලේප කරන විට ඉදිමුම සුව වේ.
14. කළු හබරල මිශ්‍රිත ආලේපය
- සාදන ක්‍රමය - කළු හබරල අල, නියඟලා අල සහ අමු කහ සුද්ධ කර සම ප්‍රමාණයෙන් ගන්න. මෙම තුන් වර්ගය කැබලිවලට කපා ලුණු කැටයක් හා වියළි මිරිස් කරලත් සමඟ සිනිඳු වන සේ අඹරා ගන්න. පසුව එය මිනිත්තු 05-06 ක් පමණ කබලේ දමා පැස්සවා ගන්න.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")