නාට්ටාල
උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea alata

ඖෂධීය හා පෝෂණීය ගුණ
- මළපහ පහසුවෙන් යාම

ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. නාට්ටාල තැම්බීම
- සාදන ක්‍රමය -
- පිස ගන්නා වළඳට කෙසෙල් පතුරු හා කොළ එලන්න. නාට්ටාල සුද්ධ කර කැබලිවලට කපා මැටි භාජනයකට දමා ජලය අවශ්‍ය ප්‍රමාණයට එකතු කරන්න. (නාට්ටාල ඉතා ඉක්මනින් තැම්බේ. නාට්ටාලවල දියවෙන ස්වභාවයක් පවතින නිසා කෙසෙල් පත් ඇතිරීම තුළ රොස් වීම සිදු නොවීම තවත් වාසියකි.) එසේත් නැතිනම් රෙදි කඩක් ගෙන ජලය පිරවූ මැටි භාජනයේ කඩපිම්මක් බැඳ ඒ මත කෙසෙල් කොළ අතුරා සුද්ධ කළ නාට්ටාල කැබලි එයට දමා වාෂ්පයෙන් තැම්බීම ද සිදු කළ හැක. මේ සඳහා පැයක පමණ කාලයක් ගත වේ.

(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")