ඉනි අල
උද්භිද විද්‍යාත්මක නාමය :
Dioscorea alata

ඖෂධීය හා පෝෂණීය ගුණ
- අර්සස් රෝගය සුව කරවයි. ඕනෑම සර්ප විෂකට ප්‍රතිකාරයකි.

ආහාර ලෙස සකස් කර ගන්නා අාකාරය හා ඖෂධීය ප්‍රයෝගය
1. ඉනි අල මිශ්‍රිත විශේෂ ආහාරය
- අවශ්‍ය ද්‍රව්‍ය - ඉනි අල අවශ්‍ය පමණට , හීනටි සහල් අවශ්‍ය පමණට , එළඟිතෙල් අවශ්‍ය පමණට
- සාදන ක්‍රමය -
- ඉනි අල සිහින්ව කපාගෙන කැපූ ඉනි අල කැබලි සහ හීනටි සහල් සම ප්‍රමාණයෙන් ගන්න. ඉනි අල කැබලි සහ හීනටි සහල් මිනිත්තු 25 ක් පමණ අවශ්‍ය පමණින් ජලය එකතු කර හොඳින් තම්බා ගන්න. පසුව තම්බා ගත් ද්‍රව්‍ය ඉතා සිනිඳු වන සේ අඹරා එයට එළඟි තෙල් ස්වල්පයක් මිශ්‍ර කරන්න.

අර්සස් රෝගය සුව කිරීම සඳහා මෙසේ සාදා ගත් ආහාරයෙන් තිබ්බටු ගෙඩියක ප්‍රමාණයේ ගුළියක් උදේ / සවස දින 04 ක් කෑමට පෙර ගන්න. පස්වෙනි දින ස්නානය කරනු මැනවි.
2. ඉනි අල හා කුරක්කන් ආලේපය
2. ඉනි අල හා කුරක්කන් ආලේපය
- සාදන ක්‍රමය -
- ඉනි අල හා කුරක්කන් පිටි සම ප්‍රමාණයෙන් ගන්න. ඉනි අල හාල්පාන වතුරෙන් මිනිත්තු 30 ක් පමණ තම්බා ගන්න. තැම්බූ ඉනි අල වලට කුරක්කන් පිටි එකතු කර ඉතා සිනිඳු වන සේ අඹරා ගන්න.
- ඉනි අල හා කුරක්කන් පිටි සම ප්‍රමාණයෙන් ගන්න. ඉනි අල හාල්පාන වතුරෙන් මිනිත්තු 30 ක් පමණ තම්බා ගන්න. තැම්බූ ඉනි අල වලට කුරක්කන් පිටි එකතු කර ඉතා සිනිඳු වන සේ අඹරා ගන්න.
(දමයන්ති ගොඩමුල්ල මහත්මිය - "සුවසෙත ගෙන දෙන දේශීය අල බෝග")